Wednesday, April 30, 2014
Thursday, April 24, 2014
ඊයේ රෑ අපි මෑසේජ් කලේ හරියට ඒ දවස්වල වගේ.ඒකට මන් ගොඩාක් ආසයි.අනේ මන්දා අයියේ මන් ගොඩක් ආදරෙයි ඔයාට.කියන්න දෑනෙනවද ඒක ඔයාට?
අද ඔයාව දෑක්කම මට ලෝබ හිතුනා අයියේ.සුදු ශර්ට් එක ඈන්දම ඔයාට පරාදයි හෑමෝම.අනේ ඔයා මගේ උනා නම්..... යන්න දෙන්නේ නෑ මන් ලගින් එක මොහොතකටවත් ඔයාටම් ආදරේ කර කර ඔයා ලගටම වෙලා ඉන්නවා අයියේ මන්.අනේ මන්දා මේ පිස්සි දෑන් ඔයාගේ වෙලා ඉවරයි.ඔව් ඔයාගෙමයි සුදු අයියේ..
Tuesday, April 22, 2014
ඊයේ මග ඈරියට මගේ ඈස් අද ඔයා මගේ ඉස්සරහම.දන්නවද හෑමදාම ඕක තමයි මට ඕන සුදු අයියේ.මගේ ඉස්සරහ ඉන්නකොට හිතුවද මට කොච්චර සතුටුද කියලා.ඈත්තමයි අයියේ ඔයා හිනා වෙවි ඉන්නකොට මට ඒ දිහා බලන් ඉන්න තියෙනවනම් මට වෙන මුකුත් ඕන නෑ.දෑක්කා ඔයත් මන් දිහා බලනවා.ඒත් ඒ බෑලුවේ ඈයි කියලා හිතන්න මන් යන්නෑ.මොකද එහෙම කළොත් මන් දන්නවා සතුටු වෙලා දුක් වෙලා ආයෙත් මාව අවුල් යාවි.
ඉතින් මතක් කරන්න තව දෙයක් එකතු උනා මට. ගොඩාක් ස්තුති අයියේ.හෙට හොදට ලියන්න එක්සෑම් එකට.ගුඩ් ලක් අයියේ..
Monday, April 21, 2014
Sunday, April 20, 2014
Friday, April 11, 2014
මතක් වෙනව ගොඩක්.ඒත් මන් මොනවා කරන්නද?
වෙලාවකට හිතෙනවා දුර රටක තනියෙම ඉන්න අක්කි ඔයා ගෑන කොච්චර හිතනවද කියලත්.ඒ අක්කිටත් එහෙම ඉන්න හුගක් අමාරු ඈති නේද අයියේ.බයකුත් ඈති ඔයා මෙහෙ තනියම ඉන්නකොට ඔයා අක්කිගෙන් දුර යයි කියලත්.නිකමට හරි අක්කි මන් ගෑන දෑනගත්තොත් ඒ අක්කි හුගාක් දුක් වෙයි.හිතාගන්න පුලුවන් ඒ හෑගීම ගෑන.එහෙම උනොත් ලගට ඈවිත් ඔයා එක්ක කතා කරලා ඔයාගෙන්ම ඒක දෑනගන්න බෑරුව අක්කි ගොඩක් දුක් වෙයි,එයා ගොඩාක් අසරණ වෙයි.අනේ මට ඕන නෑ එහෙම වෙනවා දකින්න.එච්චරටම මගේ හිත පහත් නෑ.
ඒත් මන් ආදරෙයි.ඒක වෙනස් වෙන්නේ නෑ මොනවා උනත්.මගේ ආදරේ අක්කිගේ ආදරේට වඩා හුගාක් ලොකුයි ඒක මන් දන්නවා.මොකද මේ ආදරේ ඈති උනේ ඔයා කියලාවත් ඔයාට ඕන හින්දවත් නෙමේනේ.මේ මගේ ආදරේ.ඔයා මේ ආදරේට ඔයාගේ ආදරේත් එකතු කලොත් මේ ආදරේ නවත්තන්න මේ ලෝකේ කාටවත්ම බෑ අයියේ.මහ ගොඩාක් ආදරේ තියෙනවා මේ පුන්චි හිත පිරිලා යන්නම.ඕන උන වෙලාවක කියන්න ඒ මහ ගොඩම ඔයාගෙමයි,ඔයාටම විතරයි මගේ අයියේ.ඔයාගේ හිත වෙන කෙනෙක්ට අයිති වෙලා තියෙද්දිත් මන් මෙහෙම කතාකරනවට මට සමාවෙන්න අයියේ.
ඔයා ගොඩාක් හොදයි අයියේ.ඔයා මගේ හිත හදන්න කොච්චර හිතුවද?මන් දන්නවා ඒ බෑරි තෑන තමයි ඔයා මට මෑසේජ් කරන එකත් නෑවෑත්තුවේ.එක පාරටම එහෙම උනාම හිත ගොඩාක් රිදුනත් මන් දන්නවා ඔයා එතනත් හිතුවේ මගේ ගෑන කියලා,ඔයාට ඕන උනේ මට හොදක් වෙන්න කියලා.ඈත්තටම මන් හිතුවේ නෑ ඔයා ඒ විදිහට හරි මට ලන් වෙයි කියලා.එහෙම හරි මතක ටිකක් මට ඉතුරු කලාට ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා මන් දන්නෑ අයියේ.එදත් අදත් ඒවගේම හෙටත් මන් ඒ මතක වලට හරිම ආදරෙයි.ඔයා කියවපු බූත හෑම එකක්ම මට ම්තක තියේවි.බෲනො ගෑන,ඔයාගේ ලස්සන රෑවුල ගෑන,රේට රෑට යාලුවො එක්ක සෙට් වෙලා බොන ඒව ගෑන,නිදිමරන්න හොයාගත්තු බෙහෙත ගෑන,ඔයා චන්දේ ඉල්ලන එකගෑන,ගෙදර යන පාන්දර තුනේ බස් එක ගෑන,මාත් එක්ක කොලඹට යන හෑටි ගෑන,අපි බිග් මෑච් බලන්න යන හෑටි ගෑන,ඔයා ලියපු සින්දු ගෑන,ඒ වගේම තමා අක්කි නෑතුව ඔයාට දෑනෙන පාලුව ගෑන මේ හෑමදේම මට ඒ විදිහටම මතකයි අයියේ. ඒ මතක ඈති මගේ මුලු ජීවිතේටම.
ඉතින් මන් බලාගෙන ඉන්නවා.අක්කිට දුකක් දීල ඔයා මගේ ලගට එනකන් නෙමේ.මගේ ආදරේ ඈත්තක් කියලා ඔයාට දෑනෙන දවසක කාටවත් දුකක් නෑතුව හෑමදේම හොදින් විසදිලා ඔයා මගේ ලගට එනකන්.එතකන් ඔයාට වදයක් වෙන්නේ නෑ මන්.
Monday, April 7, 2014
අපේ ජුනියර්ස්ලට වෙල්කම් එක දුන්නා ගිය සෙනසුරාදා.ඉතින් දෑන් අපිත් සින්නො වෙලා.ඉතින් ගිය අවුරුද්දේ අපේ වෙල්කම් එක දවස මට මතක් උනා.ඒක මගේ ජීවිතේ අමතක කරන්න බෑරිම දවසක්.මොකද එදා තම මන් ඔයාව දෑන ගත්තේ.ඔයාගේ කාර්ඩ් එක එහෙම.අවුරුද්දක් ගෙවුනා.ඔයා වෙන කෙනෙක්ට අයිති කියලා දෑන දෑනම මන් ඔයා ගෑන හිතන්න අරන් අවුරුද්දක් උනා.ඈත්තටම මගේ ආදරේට අවුරුද්දක් වෙලා.
ගොඩාක් දේවල් උනා.මගේ ජීවිතේ සතුටුම දවස් වගේම මන් ගොඩාක් දුක් උන දවසුත් ඒ අතර තිබ්බා.හීන ගොඩාක් මෑව්වා.මවලා මවලා ඒ හෑම හීනෙම අක්කි ළගින් තියලා ආයෙම දුක් උනා.එක එක විදිහට හිතලා මගේ හිත හදාගන්න ට්‍රයි කලා.හෑමදේම කලත් දවසින් දවස ඔයාට තියෙන ආදරේ අඩු කරන්න බෑරි උනා.ඒක දවසින් දවස මොහොතින් මොහොත වෑඩි උනා.යන යන හෑම තෑනම ඔයාව හෙව්වා.ඔය මූණ දිහා ඔහේ බලාගෙන ඉන්න ආස කලා.හෑමදාම පොඩි හරි හිනාවක් දකින්න ඕන උනා.ඉතින් මන් ඔයාට ආදරේ කලා.
මේ ආදරේ මගේ නොවුනත් අදටත් මට මේ ආදරේ නවත්තන්න කිසි උවමනාවක් නෑ.මට හිනාවෙන්න අඩන්න දුක් වෙන්න මේ හෑමදේටම ඔයාව ඕන.මන් ගෑන හිතලා ඔයා දුක් වෙන්න එපා අයියේ.දුක් උනාත් මේ ආදරේට මන් ආදරේයි.විදවනවා තමයි ඒත් හෑම මොහොතෙම මන් මේ ආදරේ විදිනවා අයියේ.ඔයා එක දෙයක් කරන්න.පුලුවන්නම් විශ්වාස කරන්න මන් ඔයාට ඈත්තටම ආදරේ කරනවා කියන එක විතරක්.ඒ ඈති අයියේ මට හොදටම.ඔයා හෑමදාම සතුටින් ඉන්න මගේ රත්තරන්.
Wednesday, April 2, 2014
Tuesday, April 1, 2014
Subscribe to:
Comments (Atom)