මේ දවස් වල මන් මේක ලියන්නෑත්තේ නිදහස් වෙලාවක් හම්බවෙන්නෑති නිසා අයියේ.නෑත්තන් කියන්නනම් දේවල් ගොඩාක් තියෙනවා වෙනදා වගේම ඉතින්.
අදනම් ඔයාව දෑක්කෙම නෑ.ඒත් ඊයේ නම් ඔයා හිටියා.මන් දෑක්කා අපි ලෑබ් එකට එනකොට ඔයා වාඩිවෙලා හිටියේ ලෑබ් එකේ මතකද?
මේ දවස්වල ඩෙන්ට්ස් පටන් ගත්තනේ.ඔයා සමහර දවස් වලට ඒව බලන්න එන්නෑති උනාම මට හිතෙන්නේ ඒ මන් හින්ද කියලා.අනේ එහෙම නෑ නේද අයියේ.මේ අන්තිම අවුරුද්දේ ඔයා මන් නිසා මේ දේවල් වලට එන්නතුව ඉන්නවනම් අනේ එහෙම කරන්න නම් එපා අයියේ. ඔයා සතුටෙන් ඉන්න ඕන.ඔයත් දන්නව මාත් දන්නව මට ඔයාව ලෑබෙන්නෑ කියලා.ඒවගේම මන් කවදාවත් ඔයාව බලෙන් ඉල්ලලා එන්නෙත් නෑ කියලා.
ඉතින් අයියේ ඔයා යාලුවොත් එක්ක වෙනදා වගේ ඉන්න.ඔයා දන්නවනේ මට ඔයා දිහා බල බල හිටියත් ඈති කියලා.ඉතින් මට එහෙම ඉන්න දෙන්න.මේ ටික කාලෙකට අයියේ...
No comments:
Post a Comment