Wednesday, May 28, 2014
Tuesday, May 27, 2014
හැපි බර්ත් ඩේ අයියේ ඔයාට....
තැග්ගක් දෙන්න හිටියේ කොහෙද ඉතින් ඔයා දෙන්න දුන්නෑනේ.ඒත් අද ඔයා මට ගොඩාක් ලොකු තෑග්ගක් දුන්නා.තෑන්ක්ස් ඒකට.. හිතපු විදිහට නොවුනට නොහිතපු විදිහට ඒ දේ සිද්ද උනා..
ඔයා හැරෙන්නෑලු,මේ බූත මට නවත්තන්නලු,ඔයා රට යාවිලු,අක්කි ජනවාරි වල ඒවිලු,ඔයා හොද කෙනෙක් නෙමේලු,අක්කි රට ඉන්න ආසයිලු,මට වෙන කෙනෙක් හොයා ගන්නලු,ඔයාව පේන්නැති උනාම මේ බූත නවතිලු...ගොඩාක් දේවල් කිව්වා ඔයා.අනේ මන්දා අයියේ ඔයාව මට ලැබෙනවනම්.ඔයා මගේ වෙනවනම්.ආදරේ කරන්නම් මන් ගොඩාක් දැනටත් වඩා.
ඔයා යන්නද කියලා අහද්දි ලෝබයි මට යන්න කියන්න.අනේ තව ටිකක් වෙලා ඉන්න කියලා කියන්න ඕන උනත් කියාගන්න බැරි නිසා නොකියා හිටියා.ඔයාටත් තේරෙන්න ඈති ඒක.හ්ම්ම්......
පඩිපෙළ බහිද්දි ඔයා මන් දිහා බලපු විදිහ අමටහක කරන්න බෑ කවදාවත් මට..ගොඩාක් පින් ඔයා අද මට මේ දීපු තෑග්ගට..
ආදරෙයි අයියේ ගොඩාක් මන් ඔයාට......
Friday, May 23, 2014
Thursday, May 22, 2014
හ්ම්ම්ම්................ කවදා කොහොම කොහෙන් ඉවරවෙයිද කියලා මන් දන්නෑ අයියේ මේක.ඈයි මට ඔයා ගෑන හිතන්නෑතුව ඉන්න බෑරි.අයි හෑම වෙලේම මන් ඔයා ගෑන හිතන්නේ.ඔයාට මන් ගෑන ගානක්වත් නෑ.ඈත්තටම ඉතින් ඔයාට මන් ගෑන හිතන්නත් බෑනේ ඉතින්.ඒත් ඒවා දෑන දෑන් ඈයි අයියේ මන් මේ පිස්සු නටන්නේ..
කොච්චරවත් හිතුවත් මගේ ආදරේ මන් මගේ හිතේම තියන් ඉන්නවා කියලා මන් එහෙම කරලා නෑනේ අයියේ.
බලමු ටිකක් මන් සද්දයක් නෑතුව ඉන්නවා.ඉන්න පුලුවන් වෙයිද කියලනම් දන්නෑ ඉතින්.බලමුකෝ.එක්කෝ කලින් හිටියා වගේ ඔයා මගේ ලගින් ඉන්නවනම් මට මෙහෙම දුකක් නෑ අයියේ.. ඒත් හෑමදේම ඔයාගෙ කෑමෑත්තනේ.අනික ඔයාට කරන්න පුලුවන් දේ තමයි මේ ඔයා කරන්නේ කියලා මන් දන්නවා සුදු අයියේ..
කමක් නෑ බලමු හෑදෙන්න බලන්නම් මන්...
Tuesday, May 20, 2014
Monday, May 12, 2014
ඊයේ මගේ දින පොත ලියන්න බෑරි උනේ තිබ්බ මහන්සියටමයි.ඒ උනාට ලිව යුතුම දෙයක් උනෙත් ඊයෙම තමයි. :ඪ් අපි ශේක් හෑන්ඩ් කලානේ.ඔයා ළගට එනකොට මම ටිකක් කලබල උනානම් තමයි.හිතාගන්න බෑරි උනා කොහොමද මන් ඒ මොහොතේ ඉන්න ඕන කියලා.නොදන්න දෙන්නෙක් වගේ අපි යන්තන් හිනාවෙලා ශේක් හෑන්ඩ් කලා.ඊට පස්සේනම් එක එක දේවල් මතක් උනා.හ්ම්ම් දෙයක් වෙන්න තියෙනවනම් ඒ දේ වෙන්නේ ඒ විදිහටමයි.ඉතින් ඊයෙත් වෙන්නතිබ්බේ ඒ විදිහට වෙන්න ඈති.හ්ම්ම් ඒ මොනව උනත් දෙසීයක් තුන්සීයක් විතර කට්ටිය මෑද්දේ මට මතක ඔයා මගේ අතින් අල්ලපු විදිහ විතරයි අයියේ.
මන් ගොඩාක් ආසයි ඊයේ දවසට මොකද මන් ගොඩාක් ආදරෙයි ඔයාට
Saturday, May 10, 2014
අද කෙනෙක් කිව්වා දෙන්නෙක් එක වගේ වෙන්නේ ආත්මීය බෑදීමක් තියෙන නිසාලු.ඉතින් අයියේ අපි දෙන්නත් එක වගේ නේ.ඒ කියන්නේ අපිටත් ආත්මීය බෑදීමක් තියෙනවානේ.ඔයත් ඉතින් ඒක එහෙමයිලුනේ ,ඔයා ගෑන මෙහෙම ආදරේ හිතන නිසා.
හ්ම් අහන්න මගේ අයියේ කවදම හරි අපි එකතු උනොත් අනේ අම්මියෝ මටනම් හිතාගන්න බෑ එදාට මට මොනවා වෙයිද කියලා.. ආදරෙයි අයියේ මන් ගොඩාක්.
Thursday, May 8, 2014
Wednesday, May 7, 2014
Tuesday, May 6, 2014
තාම හොද නෑ ඔයාගේ කකුල.ඔහොම නොන්ඩි ගහනවා දකින කොට හරි දුකයි මට.වෑඩක්ත් ගොඩයි නේ,නෑත්තන් ටිකක් රෙස්ට් කරන්න හරි තිබ්බා ඔයාට.හ්ම් මට කරන්න දෙයක් නෑනේ අයියේ ඉතින් ඕකට ඔයා අවසර දෙනවනම් එක පාරක් හරි බේත් ටිකක් දාන්න හරි තිබ්බා මගේ පණගේ කකුලට.ඒත් ඉතින් ඒවට මට අවසර නෑනේ :(
හරි අයියේ ඒ මොනවා උනත් හෑමදාම ප්‍රාර්තනා කරනව ඔයාට ඉක්මනට සනීප වෙන්න කියලා මගේ අයියේ...
Monday, May 5, 2014
Friday, May 2, 2014
හ්ම්ම් බයික් එක සද්දයක් දාලනේ ඔයාට.. නොන්ඩි ගගහා ආපු හෑටි දෑක්කම දුක හිතුනා මට.අතත් තුවාල වෙලා.දන්නේ නෑද්ද පරිස්සම් වෙන්න සුදු අයියේ.ඔයිට වඩා දෙයක් උනානම් එහෙම!!පරිස්සම් වෙන්න රත්තරන් මීට පස්සෙවත්.කවුරු හිටියද දන්නේ නෑ ඒ වෙලාවෙ ඔයා ලග ඔයාව බලාගන්න.තාමත් රිදෙනවද දන්නෙත් නෑ.ඔයා ඉතින් මට කියන්නෑනේ මට දුක හිතෙන නිසා.ඒකනම් ඉතින් එහෙම තමයි.ඒත් ඉතින් අයියේ ඔයා කරදරෙන් ඉන්නකොට මන් මොකටද සතුටින් ඉන්නේ?
ලග හිටියනම් ඔයාව බලාගන්න හරි තිබ්බා මට. :(
මොනවා කරන්නද ඉතින්..
අනේ රත්තරන් මීට පස්සේ පරිස්සමෙන් හොදේ! බයික් එකේ යනකොට විතරක් නෙමේ හෑම වෑඩකදිම හොදද!!!
Subscribe to:
Comments (Atom)