දවස් ගානක් උනා ඔයාව නොදැක..තව ඉස්සරහටත් තව දවස් ගානක් තියෙනවා මේ නිවාඩුව ඉවර වෙන්න..ඒ අපිට පටන් ගන්නකොට ඔයාලට නිවාඩු හම්බ වෙයිද දන්නේ නෑ.මොනවා කරන්නද ඉතින්..කවදම හරි නොපෙනෙන්නම් යන ඔයා නැතුව ඉන්න මට පුරුදු කරනවා ඇති මේ දේවල් වලින්.බලමුකෝ...
ඉතින් අයියේ ඊයේ මුලු දවසෙම මට ඔයාව ගොඩාක් මතක් උනා.එක එක බූත හිතුනා.අනේ මන්දා අයියේ මන් ඔයාට හෙන ගොඩාක් ආදරේ කරන්න අරන් කියලා මට දැනෙනවා.
ඔයාව අයිති නෑ.ඔව් ඔයා මගේ නෙමේ.ඔයා ඒ අක්කිගේ.ඒ අක්කි එක්ක කවදම හරි ඔයා යන්න යාවි.ඔයාටයි ඒ අක්කිටයි ලස්සන කතාවක් තියේවි.කවදම හරි ඔයා ඒ අක්කිව මැරි කරයි,ඒ අක්කිව තුරුල් කර ගනී,ඒ අක්කි එක්ක දවල් රෑ තිස්සෙම ඉදිවි,ඒ අක්කි එක්ක චූටි පැටව් දෙතුන් දෙනෙක්ගේ තාත්ති කෙනෙක් වේවි,ඒ පැටව් එක්ක සෙල්ලම් කරාවි.... හ්ම්ම් ඒ ඔක්කොම දිහා බලාගෙන මටත් ඉන්න වේවි.
හිතන්න දුකයි මට ගොඩාක්..ඒත් ඔයාගේ ජීවිතේ,ඔයාගේ හීන මැවුනේ ඒ විදිහටනේ ඉතින් ඔයාගේ හීන මැද්දට මට එන්න බෑ..ඇවිත් මන් වගේම තව කෙල්ලෙක්ගේ හීන බිදලා දාන්න හිතෙන්නෑ..ඒත් එහෙම උනත් මොකාක් හරි මිරකල් එකක් වෙලා ඔයා මන් ලගට එයි කියන විශ්වාසෙකුත් නැතුවම නෙමේ අයියේ.අක්කිට දුකක් නැතුව මොනාම හරි දෙයක් වෙලා ඔයාට මගේ ලගට එනවනම් රත්තරනේ මන් ඉන්නවා මග බලාගෙන...
ඉතින් අයියේ මන් මගේ ආදරේ විශ්වාස කරනවා ගොඩාක්..හැමදේම හොදින් විසදිලා කවද හරි ඔයා මන් ලගට ඒවි කියන විශ්වාසයෙන් මන් බලන් ඉන්නවා රත්තරන්..ආඩම්බර කමට ඉන්න එපා ගොඩාක් ආදරේ තියෙනවා මගේ මේ හිතේ මගේ සුදු අයියටම වෙන් වෙලා...
ආදරෙයි අයියේ..
No comments:
Post a Comment