අද දවසේ මට එක දෙයක් තේරුනා.ඒ අපිට ඕන වෙලාවට අපිට ඕන විදිහට කිසිම දෙයක් වෙන්නේ නෑ.දෙයක් වෙන්න තියෙනවනම් ඒ දේ වෙනවා.කරන්න තියෙන්නේ ඉවසන එක.අපි හදිස්සි උනා කියලා කිසි දෙයක් අමුතුවෙන් වෙන්නේ නෑ.හොදම දේ තමයි දෙයක් වෙනකන් ඉවසන එක.ඉවසුවොත් හරි වෙලාවක හරි විදිහට හෑමදේම සිද්ද වෙනවා...
මම එහෙම කියන්නේ මන් කොච්චර නම් හිතුවද අද හම්බුනොත් මන් මෙහෙම කියනවා මෙහෙම කරනවා කියලා.ඒත් ඒ හිතපු එක දවසකවත් මට ඔයා එක්ක කතා කරන්න වෙලාවක් හම්බ උනේ නෑ අයියේ.ඒ සමහර දවස් වල ඔයාට කතා කරන්න චාන්ස් හම්බ වෙලත් මට කතා කරගන්න බෑරුව ගිය වෙලාවල් තිබ්බා..ඒත් අද හෑමදාම හිතලා හිතලා වෙන්නේ නෑති පාර අද මට මුකුත් හිතුනෙම නෑ.කතා කරන්න ආස උනාට ප්ලෑන් ඈන්දේ නෑ.
ඒත් මන් හිතපු නෑති වෙලාවක අද ඒ චාන්ස් එක මට හම්බුනා.වෙනදට ඔයාව නවත්ත ගන්න 'අයියේ' කියන වචනේ කියාගන්න බෑරුව හිටිය මන් අද ඔයාට කතා කලා.පුදුමයි මටම පුදුමයි..
කොහෙන් ආපු හයියක්ද දන්නේ නෑ.. එක පාරටම ඔයා තනියෙන් ඉන්නවා දෑක්කා.මන් අයියා එක්ක කතා කරල එන්නම් කියලා මාත් එක්ක හිටපු යාලුවට කියලා මන් ඔයා හිටපු පෑත්තට දුවලා ගිහින් අයියේ කියලා කතා කලා.පුදුමයි තාමත්..
මොනවා උනත් කවුරු මොනවා කිව්වත් මගේ අයියා මන් හිතපු විදිහටම හිනා වෙලා මා එක්ක කතා කලා.මන් දෑනන් හිටියා අයියේ ඔයා වෙනද වගේ හිනා වෙලා මා එක්ක කතා කරනවා කියලා.මොකද මන් දන්න මගේ අයියට බෑ කාගෙවත් හිතක් රිද්දන්න.මන් හරි නේද?ඔයා නිසා මගේ හිත රිදුනට ඒ හිත රිදෙව්වේ ඔයා නෙමේ කියලා මන් දන්නවා සුදු අයියේ.ඒ හිත රිදව ගත්තේ මන්මයි. හරි ඒ මොනවා උනත් ඔයා අද මා එක්ක කතා කරපු විදිහට ගොඩාක් ස්තුති අයියේ.වචන නෑ මට..
ඔයා වගේ හොද හිතක් තියෙන මනුස්සයෙක්ට මන් ආදරේ කරා කියලා මට සතුටු වෙන්න පුලුවන්.ඔයාට ආදරේ කරලා මට වෑරදුනේ නෑ අයියේ.මගේ ආදරේ නිසා ඔයාට වෑරදෙන්න ඕනත් නෑ.සතුටින් ඉන්න අක්කි එක්ක.ඉරිසියාවක් නෑත්තෙමත් නෑ.ඒත් ඉතින් මට වඩා වාසනාවන්ත කෙනෙක්ට ඉරිසියා කරාට ඒ වාසනාව මට ලෑබෙන්නේ නෑනේ.ඔයා වගේ කෙනෙක් ලෑබෙන්න අක්කි ගොඩක් වාසනාවන්තයි අයියේ.ඒ තරම්ම නෑති උනත් ඔයාට ආදරේ හිතුන එකත් වාසනාවක් මටනම්.ඉතින් මේ ආදරෙන් මට බලාපොරොත්තු වෙන්න කිසි දෙයක් නෑ අයියේ.මන් දන්නේ එච්චරයි...
No comments:
Post a Comment