මතක ටිකක් වද දෙනවා ලගකදි ඉදලා
හිතත් ටිකක් ගෑස්සෙනවා දුකකුත් දෑනිලා
කවුරු කොහොම කිව්වත් මගේ හිත සනසාලා
ඔයා කියපු ඒ කිසිවක් නෑත මතකෙන් ගිලිහීලා
හීන මෑවෙනවා ඒකට තෑනක් කියලා නෑ
අද එනකොට බස් එකේදිත් නිකන් ආවේ නෑ
ඈස් වෑහුවම මෑවෙන හීනේ වෙන කවුරුත් නෑ
කොලඹට ඔයා මාත් එක්ක කවදම හරි ඒවිද දන්නෑ
ලන් වෙන්නටනම් කොහොමත් බෑරි බව දෑනුනත්
ඒව ඉතින් එතකොටනේ හිතලා හිනහුනා ගොඩක්
ඉතින් ඉතින් ගගා මාත් බූත කියන කොටත්
පෙරේදා පෑගුව ඉකිරියගේ කටු ගෑලෙව්වා මතකද දවසක්
පොත අස්සට හිර උනාම ඔලුව හරි බරයි
ඔයාව ටිකක් දෑක්කමනම් හිතට හරි සෑපයි
විභාගෙටම ඔය කළේ කෙමෙන් පිරුනා මතකයි
මෙහේ බොගනකොට කෙට්ටු උනේ බෘනෝ බව්වයි
නෙත් දහසක් මෑද උන්නත් ඔය නෙතු සෙව්වානේ
හෑමදාමත් ඔය ඈස් දෙක දෑක දෑක සිත හෑඩුවානේ
සාදය මෑද හිටගෙන මතකද දවසක් මොනවද කිව්වානේ
ආධුනික උනත් නිවේදකයා වෑඩේ ගානට කලානේ
හන්තාන උනත් අහන් ඉන්න හඩක් තියෙන්නේ
ඈත්තට ඔය හඩ අහන්න ආස කලානේ
හරිම හොදයි මගේ අයියා මන් දන්නවනේ
සීත මාරුතේ වෙලෙමින් එදා කිවුවනේ
ආඩම්බර සෑර අයියෙක් කියලා දන්නවා
සෑර මූණට ඔය රෑව්ල නම් නියමෙට යනවා
සූර්යගේ මල්ලි වගේ ටිකක් පේනවා
පස්සේ කාලේ රෑවුල වවමු එතකොටනම් අෆ්රිඩි පරදිනවා
එක කාලෙක රටේ මිනිස්සු හදන්න ගියාලු
ගිහින් හොදට ඈකඩමි ටික අනා ගත්තලු
ඒවා තෙරිලා දෑන්නම් ඒවට නෑලු
ඒත් ඉතින් කව්දම හරි පොලිටික්ස් කරනවලු
අපි කියවපු බූත ඉතින් ඕව තමයි නේ
මන් හිනෑහුනේ හෑමදාමත් මේව හින්ද නේ
මන් හිතන්නේ මන් ගෑන ඔයා දන්නවනේ
වෙනදා වගේ ඉමුයි තමයි අදත් පතන්නේ
No comments:
Post a Comment